Accessibility Options

Content

  • Bigger Text
  • Bigger Cursor
  • Readable Font

Colors

  • Invert Colors
  • Brightness
  • Contrast
  • Grayscale
  • Dark / Light

Navigation

  • Highlight Links
  • Read Page
  • Media Releases
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් සුළු හා මධ්‍ය...
18 Jan 2022

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල වර්ධනයට අත්වැලක්

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% කට පමණ රැකියා අවස්ථා උදාකර දී ඇති මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, රටේ කාර්මික නිෂ්පාදනයෙන් තුනෙන් එකකට පමණ දායක වෙයි. එමෙන්ම මෙම ව්‍යාපාර අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. එහෙත් රටේ ව්‍යාපාර  කටයුතු වලට බාධා එල්ල වන සෑම අවස්ථාවකදීම, ඊට සමගාමීව අභියෝග රාශියකට මුහුණ දීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සිදු වේ. මෙය COVID-19 ව්‍යාප්තිය සමගින් අපට වඩාත් පැහැදිලි විය. මෙවැනි තත්ත්වයක් හමුවේ, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සවිමත් අත්වැලක් වෙමින්, වගකීම් සහගත මූල්‍ය සේවා සම්පාදකයෙකු ලෙස එම ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන වර්ධනයට උරදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සූදානමින් සිටී.

“රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ වගකීම භාරගනිමින්, ඔවුන්ගේ දීර්ඝකාලීන වර්ධනය උදෙසා ඔවුන් සමග අත්වැල් බැඳගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කර තිබෙනවා. මෙහිදී එම ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ මූල්‍ය පහසුකම්, ඩිජිටල් තාක්ෂණය, අතිනවීන බැංකු සේවා විසඳුම් සහ උපදේශන සේවාවන් සමග, ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වලදී බෙහෙවින් ප්‍රයෝජනවත් වන මුදල් කළමනාකරණ සේවා එකතුවක්ද හඳුන්වා දීමට අප පියවර ගත්තා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - වාණිජ බැංකුකරණ, අරෝෂ ලියනාරච්චි මහතා පැවසී ය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් මෙම සුවිශේෂී විසඳුම් හඳුන්වා දී ඇත්තේ, රටේ ආර්ථිකයට වටිනාකම් එක් කරමින්, දීර්ඝකාලීන සැලසුමක් ඔස්සේ සාර්ථකත්වය කරා යාමට එම ව්‍යාපාර වලට උපකාරී වන පරිද්දෙනි. ඉහළ වර්ධන හැකියාවක් සහිත සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ට වෘත්තීය උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමටත්, එම ව්‍යාපාර වල විවිධ පියවරයන් අනුව මතුවන විශේෂ අවශ්‍යතාවන්ට අනුකූල මූල්‍ය විසඳුම් පිරිනැමීමටත් බැංකුව කටයුතු කරයි. මෙම විසඳුම් අතරට ව්‍යාපාර පරිපාලන මෙවලම් ද ඇතුළත් වන අතර, එමගින් පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යමින්, ව්‍යාපාරය දියුණු කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකිරීමට ව්‍යාපාර හිමියන්ට අවස්ථාව ලැබේ.

මුදල් ජනනය කිරීමේ චක්‍රය වැඩිදියුණු කරගනිමින්, සමස්ත ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමට ව්‍යාපාර හිමියන්ට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ද්‍රවශීලතා විසඳුම් භාවිතා කළ හැක. එමෙන්ම එමගින් ඔවුන්ට සියලුම මූල්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධ දත්ත ගබඩාවක් නිර්මාණය කරගනිමින්, අවශ්‍ය මූල්‍ය තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වන නිසා, සමස්තයක් ලෙස මෙම ක්ෂේත්‍රය වඩාත් ලාභදායී ව්‍යාපාර ක්ෂේත්‍රයක් බවට පත්කිරීමට හැකියාව ලැබේ. තවද මෙම ව්‍යාපාර වලට තම ආයතනික සම්පත් සැලසුම්කරණ පද්ධති (ERP systems) නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් සමග ඒකාබද්ධ කිරීමටද අවස්ථාව සලසා දී ඇත.

“ඩිජිටල් තාක්ෂණයට මුල් තැනක් ලැබෙන මෙම යුගයේදී අප ලබාදෙන මෙම සේවාවන්, කාරක ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතා කළමනාකරණය සම්බන්ධයෙන් වඩාත් ක්‍රමෝපායික හා කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට මෙම ව්‍යාපාර වලට උපකාරී වෙනවා. එමෙන්ම මහා පරිමාණ ව්‍යාපාර සමග සම්බන්ධ වීමේ අවස්ථා උදාකර දීම, වඩාත් කාර්යක්ෂම ලෙස සැලසුම් සකස් කිරීම සඳහා මගපෙන්වීම, විවිධාංගීකරණය, ප්‍රාග්ධනය ශක්තිමත් කරගැනීම, දීර්ඝකාලීන සැලසුම් සකස් කිරීම ආදියත් අපගේ මාර්ගෝපදේශන සේවාවන්ට ඇතුළත්. මේ සියල්ල ඔස්සේ මෙම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අපනයන වෙළඳපොළට පිවිසීමටත් අවස්ථාව ලැබෙනවා.” අරෝෂ ලියනාරච්චි මහතා වැඩිදුරටත් පැවසී ය.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්බන්ධයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මූලික අරමුණ වන්නේ, එම ව්‍යාපාර වල දියුණුවට මහෝපකාරී වන ප්‍රාග්ධන සම්පාදන අවස්ථා උදාකර දෙමින්, රටේ නිෂ්පාදන ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම ය. මෙය වඩාත් ජවසම්පන්න ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් වනු ඇත. මෙම උත්සාහය තුළ සෑම ව්‍යාපාරයක් සමගම සමීපව සම්බන්ධ වෙමින්, දේශීය වෙළඳපොළ ඉක්මවා යමින් විදේශ වෙළඳපොළවල් වෙතට පිවිසීමට එම ව්‍යාපාර වලට අවස්ථාව උදාකර දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කරයි. COVID-19 රෝග ව්‍යාප්තියෙන් අනතුරුව පාරිභෝගිකයන් දුරස්ථ ක්‍රමයට ගනුදෙනු කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන පසුබිමක් හමුවේ, නවීන ඩිජිටල් තාක්ෂණයන් භාවිතයට ගැනීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමටද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පියවර ගෙන ඇති අතර, වියදම් කළමනාකරණය සහ, වඩාත් යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් සඳහා උපකාරී වන දත්ත නිර්මාණය කරගැනීම සම්බන්ධයෙන්ද අවශ්‍ය පසුබිම සකස් කර දී තිබේ. බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් යනු, තම සේවාදායකයන්ගේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් සේවාවන් එකතුවකි. තවද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රටේ විශාලතම ක්‍රෙඩිට් කාඩ්පත් වෙළඳ ජාලයක් හිමි බැංකුවක් වීම, වඩාත් පුළුල් පාරිභෝගික පදනමක් සමග ගනුදෙනු කිරීමේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට බෙහෙවින් වැදගත් වන සාධකයක් වේ.

Business Today සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන තිරසාර මුල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වාදී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. දිගුකළ බැංකු කාලය ආදී පාරිභෝගික කේන්ද්‍රී බැංකු සේවා රැසක් පළමු වරට හඳුන්වා දීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මුල්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. එමෙන්ම තම කාඩ්පත් හිමියන්ට විශිෂ්ට වටිනාකමක්, සේවාවක් හා සබඳතාවක් නිර්මාණය කරදෙමින් ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලය ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ. මේ වනවිට දිවයින පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛා 96ක්  විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර, Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.

Recent Updates

18 Nov 2025

Nations Trust Bank partners with Colombo Fashion Week’s Luxury Edit: Couture + Trousseau for the ninth year

Read More
27 Oct 2025

Nations Trust Bank partners with Sri Lanka’s first FIA Formula 3 driver, Yevan David

Read More
30 Sep 2025

Nations Trust Bank Facilitates Strategic Foreign Investment in Sri Lanka’s Apparel Sector

Read More
09 Feb 2022

Nations Trust Bank Empowers Local Businesses with ‘Nations Business Banking’

Read More
07 Mar 2026

Nations Trust Bank Strengthens Business Confidence with ‘Beyond Ordinary - Nations Business Advisory’ in Colombo

Read More
03 Apr 2026

Nations Trust Bank brings business insights to Kurunegala with ‘Beyond Ordinary’ Advisory initiative

Read More
25 Mar 2026

Nations Trust Bank Partners with National Chamber of Exporters to Strengthen Support for Sri Lankan Exporters

Read More
03 Dec 2025

Central Bank of Sri Lanka gives approval for Nations Trust Bank’s acquisition of HSBC’s retail banking business in Sri Lanka

Read More
15 Oct 2025

Nations Trust Bank drives a cashless future at CBSL’s “Pay Digital” initiative in Dambulla

Read More
23 Feb 2026

Nations Trust Bank records a strong FY2025 with a PAT of LKR 19.3Bn, highlighting financial strength and next‑phase growth readiness

Read More
12 Feb 2026

Nations Trust Bank and KOKO Introduces Greater Shopping Convenience for American Express Cardmembers

Read More
14 Nov 2025

Nations Trust Bank delivers PAT of LKR 14.9Bn for 9 months, highlighting strategic success and financial strength

Read More