2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) යටතේ පාලකවරයෙකු ලෙස නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පී එල් සී විසින් දත්ත විෂයයන් සකසන විට එහි පෞද්ගලික දත්ත සඳහා මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය ("ප්‍රතිපත්තිය" ලෙස ද හැඳින්වේ) අදාළ වේ. මෙම ප්‍රතිපත්තිය මගින් පහත සඳහන් කරුණු පැහැදිලි කරයි:
- අපි ඔබ ගැන රැස් කරන තොරතුරු
- අපි එම තොරතුරු භාවිතා කරන ආකාරය
- අපි තොරතුරු බෙදා ගන්නේ කා සමඟද
- අපට තොරතුරු බෙදා ගත හැක්කේ කවදාද
- එය පුද්ගලිකව සහ ආරක්ෂිතව පවතින බව සහතික කිරීමට අප ගන්නා පියවර මොනවාද
- ඔබ කිසියම් නිමැවුමක් හෝ සේවාවක් ලබා ගැනීම සඳහා විමසීම් කරන විට
- ඔබ අපෙන් කිසියම් නිමැවුමක් හෝ සේවාවක් ලබා ගත් ගනුදෙනුකරුවෙකු වන විට
- ඔබ නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පී එල් සී හි ගනුදෙනුකරුවෙකු වීම නතර කළ පසු
ඔබට පූර්ව දැනුම්දීමක් ලබා දී හෝ නොමැතිව මෙම ප්‍රතිපත්තිය කලින් කලට යාවත්කාලීන කළ හැකිය.
මෙම ප්‍රතිපත්තියේ අපි "අපි", "අප" හෝ "අපගේ" යන පද භාවිතා කරන විට, එයින් නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පී එල් සී අදහස් කරන අතර, 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත අනුව එය පාලකවරයෙකු ලෙස සලකනු ලැබේ.
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුව, පාලකවරයෙකු යනු පෞද්ගලික දත්ත සැකසීමේ මාධ්‍යයන් සහ අරමුණු තනිවම හෝ අන් අය සමඟ ඒකාබද්ධව තීරණය කරන සංවිධානයකි. මූලිකවම, පෞද්ගලික දත්ත සැකසෙන්නේ කුමකටද සහ කෙසේද යන්න අපි තීරණය කරන්නෙමු. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල වීම සහතික කිරීමේ වගකීම පාලකයන් සතු වේ.
අප හා සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව "අප හා සම්බන්ධ වන්න" යන මාතෘකාව යටතේ සදහන් කොටසට යොමු වන්න.
මෙම ප්‍රතිපත්තියේ අපි "ඔබ" හෝ "ඔබගේ" යන පද භාවිතා කරන විට, මෙයින් අදහස් කරන්නේ:
- නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී හි ගනුදෙනුකරුවෙකු විය හැකි, ගනුදෙනුකරුවෙකුව සිටින හෝ අතීත ගනුදෙනුකරුවෙකු වන ඕනෑම පුද්ගලයෙක්
- වර්තමාන ගනුදෙනුකරුවෙකුගේ හෝ අතීත ගනුදෙනුකරුවෙකුගේ ගිණුම සම්බන්ධයෙන් බලය පවරනු ලැබූ පුද්ගලයෙකු
- ඇටෝර්නි බලය ඇති පුද්ගලයින් සහ පොල්මඃකරුවන් වැනි නමුත් ඒවාට පමණක් සීමා නොවන ගනුදෙනුකරුවෙකු විය හැකි, ගනුදෙනුකරුවෙකුව සිටින හෝ අතීත
- ගනුදෙනුකරුවෙකු වෙනුවෙන් බැංකු ගනුදෙනු සිදු කරන ඕනෑම අයෙකු
- අපගේ ආයතනික වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම පරිශීලකයෙකු
- අපගේ නිල සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසෙන ඕනෑම පරිශීලකයෙකු
මෙම ප්‍රතිපත්ති ලේඛනයේ දී, අපි ඔබව "දත්ත විෂයක්" ලෙස සලකමු. දත්ත විෂයක් යනු පෞද්ගලික දත්ත අදාළ වන පුද්ගලයෙකි. ආයතනික සහ සමාගම් වැනි නෛතික පුද්ගලයින්ට අදාළ දත්ත සහ වෙනත් ඕනෑම පෞද්ගලික නොවන දත්ත සැකසීමේ දී මෙම ප්‍රතිපත්තිය අදාළ නොවේ.
අපි නිමැවුම් හෝ සේවා යන්න භාවිත කරන විට, එමඟින් අදහස් වන්නේ ඉතිරිකිරීමේ ගිණුම්, ජංගම ගිණුම්, ණය, ක්‍රෙඩිට් කාඩ්පත්, උකස්, ආයෝජන සහ ඒ හා සමාන අප විසින් පිරිනමනු ලබන ඕනෑම නිමැවුමක් හෝ සේවාවක් යන්නයි.
ඔබ සමඟ ගනුදෙනු සිදු කරන විට, ඔබගේ මූල්‍ය අවශ්‍යතා අවබෝධ කර ගැනීම සඳහා සහ අපගේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා අදාල හා අවශ්‍ය යැයි විශ්වාස කරන පෞද්ගලික දත්ත අපි රැස් කරන අතර, එවැනි තොරතුරු සැකසීම සිදු කෙරෙන්නේ අදාළ නීති හා නියමයන් යටතේ අවසර දී ඇති තාක් දුරකට පමණි.
සාමාන්‍යයෙන්, ඔබ නිමැවුමක් හෝ සේවාවක් සඳහා අයදුම් කරන විට හෝ ඉල්ලා සිටින විට, අපගේ වෙළඳ ප්‍රචාරණ ක්‍රියාකාරකම් හෝ සමීක්ෂණවලට සහභාගී වන විට, අපගේ වෙළඳ දැන්වීම් හෝ සෘජු තැපෑලට ප්‍රතිචාර ලබාදෙන විට හෝ වෙනත් ආකාරයකින් ඔබ අප සමඟ ගනුදෙනු කරන විට ඔබෙන් සෘජුවම පෞද්ගලික තොරතුරු අපි රැස් කරන්නෙමු. දුරකථනයෙන් හෝ අන්තර්ජාලය හරහා, පෞද්ගලික ම (නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛාවකට පැමිණෙන විට හෝ අපගේ නියෝජිතයන් මඟින්) සහ ඔබ අපට ලියන විට අපට එම තොරතුරු රැස් කළ හැකිය.
අපි ඔබ පිළිබඳ පෞද්ගලික දත්ත විවිධ මූලාශ්‍රවලින් ලබා ගනිමු. ඒවා නම්:
- ඔබ අපගේ නිමැවුම් හෝ සේවාවන් සම්බන්ධව විමසීමක් කරන විට, අයදුම් කරන විට හෝ භාවිතා කරන විට ඔබෙන් හෝ ඔබේ මූල්‍ය උපදේශකයින්ගෙන් සෘජුවම.
- ඔබ අපගේ නිමැවුම් හෝ සේවාවන් සම්බන්ධව විමසීමක් කරන විට, අයදුම් කරන විට හෝ භාවිතා කරන විට.
- සමාජ මාධ්‍ය හෝ වෙබ් අඩවි වැනි ප්‍රසිද්ධියේ දත්ත ලබා ගත හැකි මූලාශ්‍ර ඇතුළුව තෙවන පාර්ශවීය මූලාශ්‍ර.
- ඔබ අපගේ වෙබ් අඩවිය, ජංගම යෙදුම් හෝ වෙනත් සන්නිවේදන නාලිකා භාවිතයෙන් අප සමඟ සම්බන්ධ වන විට.
අප සකසන තොරතුරු වර්ගය අදාළ අන්තර්ක්‍රියාව හෝ ගනුදෙනුව මත රඳා පවතින අතර, පහත දැක්වෙන්නේ අපි ඔබ ගැන රැස් කර සකසන තොරතුරු වල සාමාන්‍ය ලැයිස්තුවකි.
- අනන්‍යතා දත්ත එනම් සම්පූර්ණ නම, වෙනත් නම්, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, රියදුරු බලපත්‍ර අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය සහ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය සමඟ සපයා ඇති වෙනත් ඕනෑම තොරතුරක් හෝ ඔබගේ අනන්‍යතාවය, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිකත්වය, අත්සන සනාථ කරන වෙනත් ඕනෑම ලියවිල්ලක් වැනි.
- සම්බන්ධතා දත්ත එනම් තැපැල් ලිපිනය, නිවසේ දුරකථන අංකය, ජංගම දුරකථන අංක(ය), විද්‍යුත් තැපැල් ලිපින(ය) වැනි.
- මූල්‍ය දත්ත එනම් රැකියා තත්ත්වය, වැටුප් පත්‍රිකා වැනි වේතන විස්තර, රැකියා හෝ ව්‍යාපාර පිළිබඳ තොරතුරු, වෙනත් බැංකුවල පවතින බැංකු ගිණුම් වැනි.
- වෙළඳපල පර්යේෂණ එනම් වෙළඳපල සමීක්ෂණයකට හෝ ප්‍රශ්නාවලියකට ප්‍රතිචාර දක්වන විට ඔබ ඉදිරිපත් කරන තොරතුරු වැනි.
- මූල්‍ය දත්ත එනම් ඔබ විමසූ, භාවිතා කරන හෝ භාවිතා කළ නිමැවුම් සහ සේවාවන්, ගිණුම් අංක, ඔබේ ගිණුම්වල මූල්‍ය ගනුදෙනු වාර්තා, ඔබේ ගෙවීම් ඉතිහාසය, ණය ලබා ගැනීමට සහ කළමනාකරණය කිරීමට ඇති හැකියාව වැනි.
- භූගෝලීය තොරතුරු එනම් යෙදුම් හෝ ඔබ භාවිතා කරන ඔබේ ප්‍රියතම හෝ ගිණුම් හිමි ශාඛා සහ ATM යන්ත්‍ර හරහා ස්ථානය අනාවරණය කිරීම (Location Tracking ) වැනි.
- මනාප එනම් ඔබ ප්‍රියතාවයක් දක්වන නිමැවුම් සහ සේවාවන් පිළිබඳ තොරතුරු සහ සන්නිවේදන ක්‍රම වැනි.
- ඔබගේ උපාංගය පිළිබඳ තොරතුරු එනම් උපාංගයේ IP ලිපිනය, උපාංග මෙහෙයුම් පද්ධතිය, උපාංගයේ තාක්ෂණික පිරිවිතර වැනි.
- හැසිරීම් දත්ත එනම් ඔබ අපගේ වෙබ් අඩවිය සහ ජංගම යෙදුම් භාවිත කරන ආකාරය, ඔබ පිවිසෙන වෙනත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා සිදුවන අන්තර්ක්‍රියා වැනි.
- අවදානම් ශ්‍රේණිගත කිරීම එනම් ඔබගේ ගනුදෙනු මත පදනම්ව අපි රැස් කරන ණය අවදානම් ශ්‍රේණිගත කිරීම, ගනුදෙනු හැසිරීම් මත පදනම් වූ සුවිශේෂීකරණය (Profiling) සහ ප්‍රතිරක්ෂණ තොරතුරු වැනි.
- විමර්ශන දත්ත එනම් සුදුසුකම් පරීක්ෂාවන් (Due Diligence Checks), සම්බාධක සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ පරීක්ෂණ, පුද්ගලයින් සහ/හෝ සංවිධාන අතර අදාළ තොරතුරු හුවමාරුවට සම්බන්ධ අන්තර්ගතය සහ පසුබිම් තොරතුරු වැනි. මෙයට විද්‍යුත් තැපැල්, හඬ පණිවිඩ (Voicemail) සහ සජීවී සංවාද (Live Chats) ඇතුළත් විය හැකිය.
- ලිපි හුවමාරු වාර්තා එනම් හඬ හෝ වීඩියෝ පටිගත කිරීම්, විද්‍යුත් තැපැල් සන්නිවේදනය, සංවාද හෝ ක්ෂණික පණිවිඩ සන්නිවේදනය, සමාජ මාධ්‍ය අන්තර්ක්‍රියා සහ මුහුණට මුහුණ ලා සිදු කරන සාකච්ඡා වැනි.
- අනුකූලතා තොරතුරු එනම් ගනුදෙනු තොරතුරු, සැක සහිත සහ අසාමාන්‍ය ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සහ ඔබේ මූල්‍ය ගනුදෙනු හා ආශ්‍රිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධිත හෝ ආශ්‍රිත පාර්ශවයන්ගේ තොරතුරු වැනි.
- ඔබ විසින් ඔබගේ අයදුම්පතෙහි දක්වා ඇති පරිදි සේවායෝජකයින් සහ ඥාතීන්ගෙන්.
- ඔබේ අයදුම්පතෙහි දක්වා ඇති පරිදි ඔබ ගිණුම් පවත්වාගෙන යන වෙනත් බැංකු හෝ මූල්‍ය ආයතන වැනි වෙනත් සංවිධාන හෝ සමාගම් වලින්.
- ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය.
- වංචා හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට හෝ අනාවරණය කිරීමට අපට සහාය වන මූලාශ්‍ර.
- සමාජ මාධ්‍ය වේදිකා එනම් ඔබේ සමාජ මාධ්‍ය හැසිරවීම්, සන්නිවේදනය සහ ඒ හා සමාන දත්ත ඇතුළත්.
- ඔබ යෙදුම් වලට පිවිසෙන පිවිසුම් විස්තර (Login details).
- ඔබව හඳුනා ගැනීමට සහ ඔබේ මනාපයන් වාර්තා කිරීමට අපගේ වෙබ් අඩවි සහ යෙදුම් කුකීස් (Cookies) සහ ඒ ආශ්‍රිත තාක්ෂණයන් භාවිතා කරයි. අන්තර්ජාල කුකීස් යනු ඔබ පිවිසෙන වෙබ් අඩවි අනුසාරයෙන් ඔබගේ උපාංගයේ ගබඩා කර ඇති කුඩා දත්ත කොටස් වන අතර, එය ඔබ ප්‍රවේශ වන තනි පිටුවල තොරතුරු, විශේෂිත පිටු සඳහා ගත කරන සාමාන්‍ය කාලය පිළිබඳ තොරතුරු එකතු කිරීමට සහ ඔබ නැවත එම පිටුවට පිවිසි විට ඔබව හඳුනා ගැනීමට සඳහා භාවිතා වේ.
සාමාන්‍යයෙන්, ඔබ සමඟ ඇති විශේෂිත ගනුදෙනුව/අන්තර්ක්‍රියාව මත පදනම්ව, අපි පහත සඳහන් හේතූ සඳහා පුද්ගලික දත්ත රැස් කිරීම, යාවත්කාලීන කිරීම සහ භාවිතා කිරීම කරන්නෙමු.
අරමුණ | විස්තරය | පරමාර්ථය |
---|---|---|
ගිණුම් පාදක සේවා සඳහා ඔබගේ අයදුම්පත් සැකසීමට, අපගේ නිමැවුම් සහ සේවාවන් ලබා දීමට සහ මාර්ගගත බැංකුකරණ, දුරකථන බැංකුකරණ සහ ජංගම බැංකුකරණ යෙදුම් වෙත ප්‍රවේශය ලබා දීමට. |
මෙයට ඔබගේ අනන්‍යතාවය සනාථ කිරීම, වාර්තා ලබා ගැනීම සහ ඔබගේ ණය හැකියාව ඇගයීම ඇතුළත් වේ. ඔබ සමඟ ඇති අපගේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා, ඔබගේ ගිණුම හෝ පහසුකම ස්ථාපිත කර කළමනාකරණය කිරීම සහ ඔබ සිදු කිරීමට අපේක්ෂා කරන ගනුදෙනු සිදු කිරීම සඳහා. මෙයට NTB මාර්ගගත, ඩිජිටල්, ජංගම වේදිකා සහ යෙදුම් වෙත ඔබට ප්‍රවේශය ලබා දීම ඇතුළත් වේ. |
ඔබ සමඟ ඇති ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ ඔබගේ ඉල්ලීම මත අවශ්‍ය පූර්ව ගිවිසුම් පියවර ගැනීමට. |
ඕනෑම අරමුදල් හෝ හිඟ ගෙවීමක් අයකර ගැනීමට | හිඟ මුදල් අයකර ගැනීමට අපට තෙවන පාර්ශවීය ණය අයකර ගැනීමේ නියෝජිතයන් භාවිතා කළ හැකිය. අයකර ගැනීමේ අවශ්‍යතා සඳහා එවැනි නියෝජිතයින් ඔබ හා සම්බන්ධ විය හැකිය. | ඔබ සමඟ ඇති අපගේ ගිවිසුම බලාත්මක කිරීමට සහ අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා. |
අවදානම් කළමනාකරණය | මූල්‍ය, කීර්තිනාම, නෛතික, අනුකූලතා හෝ ගනුදෙනුකාර අවදානම් තක්සේරු කිරීමට, හඳුනා ගැනීමට සහ වැළැක්වීමට ඔබේ තොරතුරු භාවිතා කරනු ඇත. මෙයට ප්‍රතිරක්ෂණ හෝ හිමිකම් කළමනාකරණ අරමුණු ආදිය සඳහා වන ණය අවදානම, වෙළඳ අවදානම, මෙහෙයුම් අවදානම සහ රක්ෂණ අවදානම ඇතුළත් වේ. | අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා |
අපරාධ වැළැක්වීම සහ අනාවරණය කිරීම |
වංචා, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැනි අපරාධ වැළැක්වීම සහ අනාවරණය කිරීම සඳහා අධීක්ෂණය, අවම කිරීම, සුවිශේෂීකරණය (Profiling) සහ අවදානම් තක්සේරු කිරීම.
|
අපගේ නීතිමය සහ නියාමන බැඳීම්වලට අනුකූල වීම සඳහා. |
බැංකු මෙහෙයුම් |
අපගේ බැංකු සේවා සැපයීම සහ ක්‍රියාත්මක කිරීම සක්‍රීය කිරීම සඳහා. මෙයට ඇතුළත් විය හැක්කේ:
|
ඔබ සමඟ ඇති අපගේ ගිවිසුම බලාත්මක කිරීමට. |
අපගේ නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම |
නීතිය මගින් පිළිගත් අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීමට. එනම්:
|
අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා |
නීතිමය බැඳීම්වලට ප්‍රතිචාර දැක්වීම | නීතිය ක්‍රියාත්මක කරන ආයතන, නීතිය මගින් ස්ථාපිත කරන ලද ඕනෑම අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් සහ ශ්‍රී ලංකා මහ බැංකුව වැනි නියාමන ආයතන සහ මූල්‍ය බුද්ධි ඒකකය, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ණය තොරතුරු කාර්යාංශය ඇතුළුව නමුත් එ්වාට පමණක් සීමා නොවන නීතිමය ආයතන විසින් කරන ලද තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමට. අදාළ නීති සහ රෙගුලාසි අනුව වලංගු නීතිමය ඉල්ලීමකට අනුකූලව පමණක් තොරතුරු අනාවරණය කරන බවට අපි සහතික කරමු. | නීති සහ රෙගුලාසි මගින් අප මත පනවා ඇති නීතිමය බැඳීම්වලට අනුකූල වීමට. |
නිමැවුම් හෝ සේවා වැඩිදියුණු කිරීම |
ගනුදෙනුකාර අවශ්‍යතා සපුරාලීම සඳහා අපව වඩා හොඳින් ස්ථානගත කිරීම සඳහා අපගේ නිමැවුම් සහ සේවාවන් සඳහා වැඩිදියුණු කිරීම් හඳුනා ගැනීමට. ඩිජිටල් සහ වෙනත් වේදිකා ඇතුළුව අපගේ නිමැවුම් සහ සේවාවන් භාවිතා කරන විට ඔබේ හැසිරීමෙන් රැස් කරන ලද වියදම් රටා, ගෙවීම් ඉතිහාසය හෝ මූල්‍ය ක්‍රියාකාරකම් වැනි ගනුදෙනු දත්ත භාවිතා කළ හැකි ඒකාබද්ධ සහ විශ්ලේෂණය කළ දත්ත මත පදනම් වූ සේවාවන් අප පිරිනමනු ඇත. අප භාවිතා කරන දත්ත පරිශීලක අනන්‍යතා හෙළි නොකරයි. | අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා. |
ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මූලික මිලදී ගැනීමට අදාළ අනුපූරක නිෂ්පාදන හෝ සේවා පිරිනැමීම (Cross-Selling) සහ එකම නිමැවුමේ හෝ සේවාවේ වඩා මිල අධික, වැඩිදියුණු කළ අනුවාදයක් මිලදී ගැනීමට ගනුදෙනුකරුවන් දිරිමත් කිරීම (up-selling) ඇතුළුව අලෙවිකරණය | තැපැල්, විද්‍යුත් තැපෑල, දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, පණිවිඩ යෙදුම් (Messaging Apps), ජංගම යෙදුම් සහ ආරක්ෂිත පණිවිඩ, සමාජ මාධ්‍ය දැන්වීම් වැනි විවිධ සන්නිවේදන මාර්ග හරහා අපගේ නිමැවුම් සහ සේවා මෙන්ම අපගේ හවුල්කරුවන්ගේ සහ අනෙකුත් අදාළ තෙවන පාර්ශවයන්ගේ නිමැවුම් පිළිබඳ තොරතුරු ඔබට ලබා දීමට. |
අදාළ වන පරිදි ඔබගේ කැමැත්ත ඇතිව. |
දත්ත විශ්ලේෂණ | අපගේ පිරිනැමීම් භාවිතා කරන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ මනාපයන් සමඟ සමපාත වන නිමැවුම් සහ සේවාවන් පිරිනැමීමට, වඩාත් කාර්යක්ෂම සහ පුද්ගලාරෝපිත අත්දැකීමක් සහතික කිරීමට, නිශ්චිත අවශ්‍යතා සපුරාලන විසඳුම් ලබා දීමෙන් පරිශීලක තෘප්තිමත්භාවය වර්ධනය කිරීම සඳහා දත්ත විශ්ලේෂණය කිරීම. ගනුදෙනු තොරතුරු විශ්ලේෂණය, වියදම් රටා, ඓතිහාසික දත්ත විශ්ලේෂණය සහ පරිශීලක ක්‍රියාකාරකම් සංසන්දනය කිරීම මෙයට අන්තර්ගත විය හැකිය. |
අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා. |
සුවිශේෂීකරණය (Profiling) ඇතුළුව ඔබ පිළිබඳව තීරණ ගැනීමට | ඔබ අපෙන් ණය පහසුකමක් ලබා ගැනීමට ඉල්ලීමක් කරන අවස්ථාවේ දී ඔබේ ණය සුදුසුකම් සහ අවදානම තක්සේරු කිරීම වැනි අපගේ ඇතැම් තීරණවලට එළඹීමට අපට උපකාරයක් ලෙස අපට ස්වයංක්‍රීය පද්ධති භාවිතා කළ හැකිය. වංචා හෝ මූල්‍ය අපරාධයක් සිදුවීම් සංඥා කිරීම සඳහා, හෝ අනුමත නොකළ පුද්ගලයෙකු ඔබගේ ගිණුම්/බැංකු කාඩ්පත් භාවිතා කරමින් සිටීද යන්න හඳුනා ගැනීම සඳහා ද අපට ස්වයංක්‍රීය පද්ධති භාවිතා කළ හැකිය. | |
සන්නිවේදන කළමනාකරණය කිරීම | විමසීම් සහ පැමිණිලි වලට ප්‍රතිචාර දැක්වීමට, ඔබ අපට ලබා දී ඇති ඕනෑම උපදෙසක් සත්‍යාපනය කිරීමට, අපගේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට, අවදානම කළමනාකරණය කිරීමට සහ වංචා හෝ වෙනත් අපරාධ වැළැක්වීමට සහ අනාවරණය කිරීමට ඔබ අප සමඟ පැවැත්වූ දුරකථන ඇමතුම්, ලිපි, ඊමේල්, සජීවී සංවාද (Live Chats), වීඩියෝ සංවාද (Video Chats) සහ අනෙකුත් තොරතුරු හරහා අප සමඟ කරන ලද ඔබේ සන්නිවේදනයන් අපට ගබඩා කළ හැකිය. | අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සඳහා. |
අපි ආරක්ෂිත පරිගණක ගබඩා පහසුකම් සහ කඩදාසි ලිපිගොනු සහ අනෙකුත් වාර්තා වල එකතුවක් තුළ පුද්ගලික තොරතුරු ගබඩා කරන්නෙමු. අප සතුව ඇති පුද්ගලික දත්ත අනිසි ලෙස භාවිතා කිරීම, නැතිවීම සහ අනවසර ප්‍රවේශය, වෙනස් කිරීම හෝ හෙළිදරව් කිරීම වැළැක්වීම සඳහා අපි පියවර ගණනාවක් ගෙන ඇත්තෙමු. ඔබේ පුද්ගලික දත්තවල රහස්‍යභාවය, අඛණ්ඩතාව සහ ලබා ගත හැකි බව සහතික වන ලෙස ඔබේ තොරතුරු සම්ප්‍රේෂණය කර ගබඩා කර ඇති බවට අප තෘප්තිමත් වන පරිද්දෙන් ක්ෂේත්‍රය පිළිගත් තාක්ෂණික සහ ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරන්නෙමු.
අපගේ නිමැවුම් සහ සේවාවන් ඔබට ලබා දීමට සහ ඔබ සමඟ ඇති අපගේ සම්බන්ධතාවය කළමනාකරණය කිරීම සඳහා අපි ඔබේ දත්ත කොපමණ කාලයක් රඳවා ගන්නේද යන්න නිශ්චිතව දක්වන හඳුනාගත හැකි ආකෘතියකින් දත්ත රඳවා ගැනීමේ අභ්‍යන්තරික ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්නෙමු. සාමාන්‍යයෙන්, බැංකු ගනුදෙනුවලට අදාළ තොරතුරු ඔබ අපගේ ගනුදෙනුකරු වීම නතර කළ මොහොතේ සිට නීතිමය සහ නියාමන අවශ්‍යතා අනුව වසර හයක් (6) හෝ නිශ්චිත කාල පරිච්ඡේද සඳහා රඳවා ගනු ලැබේ.
පහත සඳහන් අවස්ථාවන්හි දී අපට වසරක් (01) හෝ ඊට අඩු කෙටි රඳවා ගැනීමේ කාලයක් තෝරා ගත හැකියි:
- ඔබ සමඟ පැවති සන්නිවේදන සටහන්
- අන්තර්ජාල කුකීස් (Internet Cookies) මත ගබඩා කර ඇති දත්ත
කෙසේ වෙතත්, පහත සඳහන් අවස්ථාවන්හි දී අපට ඔබේ දත්ත වසර හයකට (06) වඩා දිගු කාලයක් රඳවා තබා ගත හැකිය:
- නියාමකයින් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ලැබෙන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට
- නීතිමය සහ නියාමන අවශ්‍යතා සපුරාලීමට
- පර්යේෂණ හෝ සංඛ්‍යානමය අරමුණු සඳහා
- පවතින ගැටළු/ විමසීම්/ නඩු කටයුතුවලට ප්‍රතිචාර දැක්වීමට
ඔබේ පුද්ගලික තොරතුරු තවදුරටත් අවශ්‍ය නොවන විට හෝ අපට තවදුරටත් එය රඳවා ගැනීමට අවශ්‍ය දැමීම නැතහොත් අනන්‍යතාවයෙන් තොරව පවත්වා ගෙන යාම සිදු කරන්නෙමු.
ඔබගේ දත්ත රහසිගතව තබා ගන්නා නමුත් පහත සඳහන් අවස්ථාවන්හිදී අප එම තොරතුරු තෙවන පාර්ශවයන්ට ලබා දිය හැකිය:
- අපට සහාය සේවා සැපයීම සඳහා බාහිර සංවිධානයක් සමඟ ගිවිසුම්ගත වී ඇති විට. මෙයට අයදුම්පත් හෝ ඇණවුම් සැකසීම, අලෙවිකරණ සහාය, බෙදාහැරීම්, වෙළඳපල පර්යේෂණ සහ ණය එකතු කිරීම ඇතුළත් විය හැකි නමුත් ඒවාට පමණක් සීමා නොවේ. මෙම සේවා සපයන්නන් ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත පිහිටා තිබිය හැකිය.
- අපගේ නීතිමය සහ නියාමන බැඳීම්වලට අනුකූල වීම සඳහා.
- නීති විරෝධී ක්‍රියාකාරකමක් සිදුවී ඇති බවට හෝ සිදුවිය හැකි බවට අප සැක කරන අවස්ථාවක සහ පුද්ගලික දත්ත අපගේ විමර්ශනයේ අත්‍යවශ්‍ය කොටසක් වන විට හෝ එවැනි කරුණක් සම්බන්ධයෙන් අදාළ නීතිය ක්‍රියාත්මක කරන්නන් හෝ වෙනත් නීත්‍යානුකූල බලධාරීන්ට වාර්තා කිරීමේදී.
පහත සඳහන් අවස්ථාවන්හි දී ද අපට ඔබ පිළිබඳ පුද්ගලික තොරතුරු ද හෙළි කළ හැකි වේ.
- ඔබ සතුව ආයතනික හෝ රජය විසින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පතක් ඇති විට, අපට ඔබේ අදාළ සේවායෝජකයා හෝ රජයේ ආයතනය සමඟ පුද්ගලික දත්ත හුවමාරු කර ගත හැකි වේ.
- ඔබ ඉල්ලා සිටින නිමැවුම් සහ සේවා ඔබට ලබා දීමට සහ අනෙකුත් බැංකු නිමැවුම් සහ සේවා පිළිබඳව ඔබට දැනුම් දීමට අපගේ අදාළ සමාගම් වෙත.
- ඔබට ණය ලබා දීම හෝ ඔබ අප සමඟ ඇති ඕනෑම ගිවිසුමක් යටතේ ඔබ අපට ගෙවිය යුතු මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ණය වාර්තා කිරීමේ ආයතන වෙත. තෙවන පාර්ශවයන් පුද්ගලික තොරතුරු හසුරුවන ආකාරය සම්බන්ධයෙන් අපි ආරක්ෂාව සහ රහස්‍යභාවය පිළිබඳ දැඩි අවශ්‍යතා පනවන්නෙමු. අපි අපගේ බාහිර ගිවිසුම්කරුවන්ට සපයන්නේ ඔවුන්ගේ සේවාවන් ඉටු කිරීමට අවශ්‍ය තොරතුරු පමණි. අපට සේවාව සැපයීම හැර වෙනත් කිසිදු අරමුණක් සඳහා තොරතුරු භාවිතා කිරීමට ඔවුන්ට අවසර නැත.
- විදේශ මුදල් හුවමාරුව, කළමනාකරණ අරමුදල් ආයෝජනය සහ අපට බාහිර සේවා සපයන්නන් (Outsourced Personnel) භාවිතා කර ලබා ගත හැකි වෙනත් සේවාවන් වැනි සේවාවන් සඳහා ඔබගේ ඉල්ලීම සපුරාලීමට.
- ඔබ විසින් වරින් වර තොරතුරු හෙළිදරව් කිරීමට අපට බලය පවරන ලද වෙනත් ඕනෑම පාර්ශ්වයකට.
ඔබගේ පුද්ගලික දත්ත ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථානවලට මාරු කර ගබඩා කළ හැකිය. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ පුද්ගලික දත්ත සඳහා සපයා ඇති සමාන මට්ටමේ ආරක්ෂාවක් නොමැති රටවල් මෙයට ඇතුළත් විය හැකිය. අපි ශ්‍රී ලංකාවෙන් පිටතට පුද්ගලික දත්ත මාරු කරන අවස්ථාවල දී එම මාරුව පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සහ අනෙකුත් අදාළ නීති යටතේ වන අදාළ නීතිමය අවශ්‍යතාවලට අනුකූල වන බවට අපි සහතික වන අතර ඔබේ පුද්ගලික දත්ත සඳහා ප්‍රමාණවත් මට්ටමේ ආරක්ෂාවක් සහතික කරමු.
ඔබගේ පුද්ගලික දත්ත සකසන ආකාරය සම්බන්ධයෙන් ඔබට ක්‍රියාත්මක කළ හැකි පහත අයිතිවාසිකම් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ දක්වා තිබේ. පහත සඳහන් ඕනෑම අයිතියක් ක්‍රියාත්මක කිරීමට, පහත දක්වා ඇති සම්බන්ධතා තොරතුරු හරහා අප හා සම්බන්ධ වන්න.
අයිතිවාසිකම | විස්තරය |
---|---|
ප්‍රවේශය | අපි ඔබ පිළිබඳ කිසියම් තොරතුරක් සකසන්නේ නම් ඔබට තහවුරු කිරීමක් ඉල්ලා සිටිය හැකි අතර එවැනි සැකසීමක් සිදුවේ නම්, අප සතුව ඇති ඔබගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශය ඉල්ලා සිටිය හැකිය. බැංකුවේ රහස්‍යතා ප්‍රතිපත්තියට අනුකූලව මෙම රහස්‍යතා නිවේදනයේ සඳහන් ඕනෑම කරුණක් පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. |
විරෝධය | අපගේ නීත්‍යානුකූල අවශ්‍යතා සපුරාලීම සඳහා හෝ මහජන අවශ්‍යතා අරමුණු සඳහා ඔබේ තොරතුරු සැකසීම සඳහා ඔබට විරෝධතාවක් මතු කළ හැකිය. අරමුණු බැංකුවේ රහස්‍යතා ප්‍රතිපත්තියට අනුකූලව රහස්‍යතා නිවේදනයේ දක්වා ඇත. |
කැමැත්ත ඉල්ලා අස්කර ගැනීම |
අපි යම් අරමුණක් සඳහා ඔබේ දත්ත සැකසීමට ඔබේ කැමැත්ත ඉල්ලා තිබේ නම්, ඔබට ඕනෑම අවස්ථාවක එම කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට හැකියාව ඇත. කැමැත්ත ඉල්ලා අස්කර ගැනීම, ඔබ එසේ සිදු කරන අවස්ථාව දක්වා අප විසින් සිදු කරන ලද කිසිදු සැකසුමක් අවලංගු නොකරයි. |
නිවැරදි කිරීම | සාවද්‍ය දත්ත නිවැරදි කිරීමට හෝ ඕනෑම අසම්පූර්ණ දත්තයක් සම්පූර්ණ කිරීමට ඔබට ඉල්ලා සිටිය හැකිය. |
මකා දැමීම | පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට පටහැනිව අපි ඔබේ දත්ත සකසන බව ඔබට පෙනී ගියහොත්, නැතහොත් ඔබ පෙර අවස්ථාවක ඔබේ කැමැත්ත ඉල්ලා අස්කර ගෙන තිබේ නම්, ඔබට ඔබේ පුද්ගලික දත්ත මකා දැමීමට ඉල්ලා සිටිය හැකිය. අදාළ නීති මත පදනම්ව අධිකරණ නියෝගයකට අනුව ද අපට ඔබේ දත්ත මකා දැමිය හැකිය. |
ස්වයංක්‍රීය තීරණ ගැනීම |
ස්වයංක්‍රීය ක්‍රම භාවිතා කරමින් (කිසිදු මනුෂ්‍ය මැදිහත්වීමකින් තොරව) ඔබ සම්බන්ධයෙන් අප ගත් ඕනෑම තීරණයක් සහ එවැනි තීරණයක් ඔබගේ අයිතිවාසිකම් සහ නිදහසට ආපසු හැරවිය නොහැකි සහ අඛණ්ඩ බලපෑමක් ඇති කරන්නේ නම් හෝ ඇති කිරීමට ඉඩ තිබේ නම්, ඔබට එවැනි තීරණයක් සමාලෝචනය කරන ලෙස අපෙන් ඉල්ලා සිටිය හැකිය. |
නිදහස් කිරීම් | පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුව, ජාතික ආරක්ෂාව, මහජන සාමය, අඛණ්ඩ විමර්ශනය, ඕනෑම ලිඛිත නීතියක් යටතේ පවත්වනු ලබන විමර්ශනය හෝ ක්‍රියා පටිපාටිය, අපරාධ වැරදි වැළැක්වීම, අනාවරණය කිරීම, විමර්ශනය කිරීම හෝ නඩු පැවරීම, අන් අයගේ අයිතිවාසිකම් සහ නිදහස, අයිතිය ක්‍රියාත්මක කිරීමට අපගේ තාක්ෂණික සහ මෙහෙයුම් ශක්‍යතාව, දත්ත විෂය ලෙස ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට අපගේ නොහැකියාව, ඕනෑම ලිඛිත නීතියක් යටතේ ඔබේ දත්ත සැකසීමට ඇති ඕනෑම අවශ්‍යතාවයකට යටත් වීම වැනි ඇතැම් හේතු සැලකිල්ලට ගනිමින් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට අපට අයිතියක් ඇත. |
දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත අභියාචනය |
ඔබගේ ඉහත අයිතිවාසිකම් කිසිවක් ක්‍රියාත්මක කිරීමට කරන ඉල්ලීමක් සම්බන්ධයෙන් ඔබට අපෙන් ලැබිය හැකි ප්‍රතිචාරය ගැන ඔබ සතුටු නොවන්නේ නම්, ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔබට අයිතියක් ඇත. www.dpa.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඔවුන්ගේ සම්බන්ධතා තොරතුරු සහ අභියාචනයක් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට සොයාගත හැකිය. |
ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් හෝ ඔබේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඔබට පහත සඳහන් ආකාරවලින් අප හා සම්බන්ධ විය හැකිය:
- නේෂන්ස් ඩිරෙක්ට් ජංගම යෙදුම, FriMi හෝ නේෂන්ස් ඩිරෙක්ට් එන්ටර්ප්‍රයිස් යෙදුම හරහා
- අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන්: (+94) 114 711411
- අපගේ ඕනෑම ශාඛාවකට පිවිසීමෙන්: https://www.nationstrust.com/branches
- දත්ත ආරක්ෂණ නිලධාරී, නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී, ප්‍රධාන කාර්යාලය, අංක 46/58, නවම් මාවත, කොළඹ 02 ඇමතීමෙන්
- අපට විද්‍යුත් තැපෑලක් එවීමෙන්: customerservice@nationstrust.com
Get in touch